Joseph Kosinski කියන්නේ දැන්මත් හොලිවුඩ් ලෝකයේ නමක් කියන විට action සහ adrenaline එක එක්ක මතකයට එන නාමයකි. ඔහු කල “Top Gun: Maverick” බලපු කෙනාට දැනෙන තරම් වේගය, විවිධාකාර racing visuals සහ emotional punch එකක් “F1: The Movie” කියන මේ නිර්මාණය තුළත් පිරී තිබේ. මේකට Jerry Bruckheimer වගේ මහා නිෂ්පාදකයෝ, Brad Pitt මෙන්ම ලෝකයේම ප්‍රමුඛතම F1 රියදුරා වූ Lewis Hamilton ද producer කමට එකතුවීම මේ චිත්‍රපටය විශේෂ කරයි.
කතාවේ මධ්‍යගත වන්නේ Sonny Hayes. නවයේ දශකයේදී Formula 1 රේස්පොටෙ ගිය, නමුත් අවාසනාවකින් සිය යුගයම අතුරුදන් කරගත් රියදුරෙකි. වසර ගණනාවක් පසු ඔහු නැවත track එකට පැමිණෙයි, නමුත් මේවරයෙහි තනිවම නොව Joshua Pearce කියන තරුණ රියදුරකුගේ මෙන්ටර් ලෙස. මේ දෙදෙනා අතර ඇතිවන සම්බන්ධය racing car වල roaring sound එකටත් වඩා බලවත් සංගීතයක් වගේ හැඟේ. එකපාරකට තමන්ගේ ගිය කාලය, තරුණ පරපුරේ ආශාව, අභියෝග සහ දිනුම් හැඟීම ඔක්කොම එකම track එකේ එකට තරග කරමින් යනවා.
Lewis Hamilton සහ Max Verstappen වගේ සජීවී F1 නායකයන්ගේ cameo ද, camera එක ඇත්තම racing circuits මතට ගෙනයන shooting style එකත් එක්ක, screen එකේ ඉඳලා බලන කෙනාට තමන් track එකේම ඉන්නවා වගේ සජීවී thrill එකක් ගෙනෙනවා. Kerry Condon ගේ කථාංගය ද team එකට emotional balance එකක් ගෙන දී ඔය adrenaline rush එකට මනෝවිද්‍යාත්මක ගැඹුරක් අමුණයි.
Hans Zimmer ගේ score එකත්, Doja Cat, Ed Sheeran, Rosé වගේ මහා ගායකයන්ගේ ගීතත් මේ cinematic ride එක තවත් රසවත් කරලා දායි. ඒකේ ගීත එක්ක එන sound එක, එහෙම නැත්නම් engine roar එකක් වගේම හදවත ගසයි.
අවසාන වටය — Sonny සහ Joshua එකට නව team එක වෙනුවෙන් කරන්නේ car drive එකක් නොව, ඔවුන්ගේම ජීවිතය ආපසු ගන්න redemption ride එකකි. තරගය අවසන් වෙන කණ්ණාඩියෙන් එන ගමන් බලන කෙනාට දැනෙන්නේ හුඟක් කාලෙකින් හුස්ම ඇඳගෙන සිටිපු ආත්මය ආයෙමත් නිදහස් වෙලා ගහගන්නවා වගේම හැඟීමක්.
මේක බලනකොට F1 racing එකේ වේගය, තරගයේ තාක්ෂණය, සබඳතා වල මනෝවිද්‍යාත්මක ගැඹුර, සහ ජීවිතේ යළි පිවිසෙන අභියෝග කියන හැම දෙයක්ම එක cinematic දුම්රියක හුස්ම නැතිව දුවනවා. Brad Pitt නායකත්වයෙන් Kosinski ගේ lens එකේ දිස්වන “F1: The Movie” කියන්නේ adrenaline, ගැඹුර සහ හැඟීම් ගොඩක් තියෙන racing tribute එකක්
මෙක බලන්න ඕනෙන movie එකක් කියල හිතනව....